Campus වලට ගියාම ගොඩාක් අය මට කියලා තියෙන දෙයක් තමයි Software හදන්න අමාරුයි කියන එක. ඉතින් ඒක නිසාම තමයි මම කල්පනා කලේ මම දන්න පොඩි දෙයින් එහෙම අමාරු කෙනෙක්ට පොඩි හරි help එකක් දෙන්න ඕනෙ කියලා. ඉතින් ඔන්න දැන් කියන්න එපා අපිට ඕනේ C, Java, C++ කියලා. මම ඒ හැම දේකටම ඕනෙ වෙන basic ටික කියලා දෙන්නම්. පස්සෙ කට්ටියට තේරෙනවා කියලා දැනුනොත්  C යි Java යිත් දන්න විදියට එතනින් එහාට කියලා දෙන්නම්. මම ගොඩක්ම උත්සාහ කරන්නෙ theory වලට වඩා මම තේරුම් ගත්තු විදියට හිතන විදිය පුරුදු කරන්න. මොකද theory වලින් කවදාවත් program එකක් ලියන්න බෑ. අමාරුම දේ program එක ලියනවාට වඩා ඒක ලියන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න එක. ඉතින් අන්න එ්ක නිසා අපි කොහොම හරි හිතන විදිය පුරුදු වෙමු.

අපේ ගොඩක් අය කරන්නෙ programming ඉගෙන ගන්නවා කියලා programming language එකක් ඉගෙන ගන්න එක. හැබැයි මෙහෙම එක එක language ඉගෙන ගන්නවාට වඩා programming කියන concept එක පොදුවේ ඉගෙන ගත්තා නම් ඕනෑම programming language එකක් ලේසියෙන්ම අල්ලා ගන්න පුළුවන්. හැබැයි කරුමෙට අපේ ගොඩාක් අය මේක තේරුම් ගන්නෙ නෑනෙ.. ඉතින් මගේ මේ පුංචි උත්සාහය programming ඉගෙන ගන්න ආසාව තියෙන අයට පහසුවෙන් ඕනෑම programming language එකක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට හිතනන්න  පුරුදු කරවන්නයි..
දැන් මට තියෙන ඊළඟ ප්‍රශ්නෙ තමයි කියලා දෙන එ්වා run කරලා බලන්න use කරන්නෙ මොන language එකද කියන එක. මේ වෙලාවට තමයි හිතෙන්නෙ blog ලියන එක කොච්චර අමාරුද කියලත්.. මොකද ගොඩක් ඒවායෙත් කරන්නෙ එහෙමයි. ඔන්න එහෙනම් මම උදාහරණ කියලා දෙන්නෙ C වලින්. පස්සෙ ඕනනම් Java වලිනුත් කියලා දෙන්නම්. හැබැයි මතක තියාගන්න මෙතෙනදි ඔයාලා ඉගෙන ගන්න ඕනෙ C නෙවෙයි programming. ඒ කියන්නෙ හිතන විදියයි පුරුදු වෙන්න ඕනෙ.

වැඩේ පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා, මම මේක කරන්නෙ මම දන්න පොඩි දෙයින් හරි වෙන කෙනෙකුට හයියක් වෙන්න ඕනෙ කියලා හිතෙන නිසා.. ඒ වුනාට මේ දෙයින් කාටවත් වැඩක් නැතිනම් මම කරන දෙයින් ඇත්තටම තේරුමක් නෑ. මොකද මටත් කරන්න ගොඩක් වැඩ තියෙනවා. මම හැම post එකේම කියන්න කැමති නෑ ඒක නිසයි මේකෙ කියන්නෙ මට මේ දේ දිගටම කරගෙන යන්න moral එන්නෙ ඔයාලට මේක තේරෙනවා කියලා දැනුනොත් විතරයි. ඒක නිසා තේරෙනවා නම් comment එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයාලගෙත් වටිනා කාලයෙන් ටිකක් ඒ වෙනුවෙන් වැය කරන්න කියලා මම ඉල්ලනවා..

දැන්නම් කියෙව්වා හොදටම ඇති, කෙලින්ම වැඩේට බහිමු. ඔක්කොටම කලින් C වලින් program එකක් ලියන්න machine එක හදාගන්නෙ කොහොමද කියලා බලමු. ඒකටත් ගොඩක් ක්‍රම තියෙනවා මම IDE එකක් use කරලා C program එකක් ලියන විදිය කියලා දෙන්නම්. මම තෝරාගත්තේ Code Blocks කියන IDE එක. ඒක Download කරලා install කර ගත්තා නම් ඔක්කොම හරි. දැන් එහෙනම් පහල තියෙන විදියට ඒක කරගෙන program එකක් ලියන්න පුළුවන් වෙන විදියට ඔයාලගෙ computer එක හදලා තියා ගන්නකො…
Code Blocks IDE එක මෙතනින් download කරගන්න….
දැන් open වෙන web site එකේ windows යටතේ තියෙන දෙවෙනි link එක (codeblocks-13.12mingw-setup.exe) download කරගෙන සාමාන්‍ය විදියටම install කරගන්න.. දැන් ඔයාලට පුළුවන් ගෙදර computer එකෙන් C program එකක් ලියලා run කරගන්න.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s