හැමදාම වගේ කුප්පියෙ ඊළඟ කොටස ඉක්මනට දෙන්න හිතාගෙන හිටියත් වැඩ ගොඩක් මැද හිරවෙලා ඉන්න නිසා වෙලාවක් වෙන් කරගන්න වෙන්නෙම නෑ.. කට්ටිය ඉතිං අවුල් ගහන්න එපා පුළුවන් විදියට කොහොමහරි අපි එකතු වෙලා වැඩේ කරමුකො.. ඔන්න එහෙනම් ලැබුන මේ වෙලාවෙවත් වටේ යන්නෙ නැතුව කෙළින්ම වැඩේට බහිමු. හැමෝටම කලින් කරපුවා මතක ඇති කියලා මම හිතනවා, වැරදිලා හරි කෙනෙකුට කලින් කරපුවා බලාගන්න බැරිවුනා නම් මෙතනින් ගිහිල්ලා ඒ ටිකත් බලලම එන්නකො..
අපි අවසානෙටම කරේ C language එක use කරලා අපිට අවශ්‍ය දෙයක් print කරගන්න විදියනේ, දැන් එහෙනම් අපි ඕනෑම programming language එකකට පොදු theory ටික ඉගෙන ගන්න පටන් ගනිමු. මුලින්ම මම programming කිව්වොත් නිතරම අහන්න ලැබෙන variable එකක් කියන්නෙ මොකක්ද කියලා කියලා දෙන්නම්. මතක තියාගන්න ඕනම දෙයක් ඉගෙන ගන්න කොට ඒක අවශ්‍ය වෙන්නෙ මොන වගේ වෙලාවල් වලටද කියලත් ඉගෙන ගන්න. එතකොට ඒක කවදාවත් අමතක වෙන එකක් නෑ.. එහෙනම් වැඩේට බහිමුකො..
variable.jpg
Variable එකක් කියන්නෙ RAM එකේ වෙන් කරගන්න Memory Space එකකට. දැන් ඉතිං ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම RAM එකෙන් Memory Space එකක් වෙන් කරගන්න අවශ්‍ය වෙන්නෙ මොකටද කියලා. ඇත්තටම අපි ලියන program වලදි අපිට කිසියම් ගණනයක් කරන්න අවශ්‍ය වුනොත් ඒකට අදාළව එන උත්තරේ හරි ලබා ගත්ත විශේෂ අගයක් හරි මොකක් හරි දෙයක් මතක තියාගන්න ඕන වෙනවානෙ.. ඉතිං අපේ program එකට අදාළව මොනවා හරි මතක තියාගන්න ඕනෙනම් අපි අපේ program එක වෙනුවෙන් ඒ දේවල් මතක තියාගන්න තැනක් හදා ගන්න ඕනෙ. අන්න ඒ නිසා තමයි අපිට variables අවශ්‍ය වෙන්නෙ..

int x ;

<Data Type> <Variable Name>;
පෙන්නලා තියෙන විදියට variable එකක් හදනකොට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි data type එක අනික variable name එක. මම හැමතිස්සෙම කියනවා වගේ අපි බලමු මෙහෙම කොටස් දෙකක් අවශ්‍ය වෙලා තියෙන්නෙ මොකටද කියලා. එතකොට හැමෝටම variable එකක් කියන්නෙ මොකක්ද කියලා වගේම variable එකක් හදාගන්නෙ කොහොමද කියලත් කවදාවත් අමතක වෙන එකක් නෑ.
මුලින්ම මම කියන්නම් මේකට නමක් අවශ්‍ය වෙන්නෙ ඇයි කියලා. හිතලා බලන්න අපි කාට හරි කියනවා අපි ඉන්නෙ අහවල් ගමේ කියලා. හැබැයි අපේ address එක එයා දන්නෙ නැත්නම් අපි ඒ ගමේ ඉන්නවා කියලා sure වුනත් එයාට අපිව හමු වෙන්න අපේ ගෙදර එන්න බැරි වෙනවානේ.. අන්න ඒ වගේ අපි අපේ program එකේ data එකක් ram එකේ save කරලා පස්සෙ ඒ data එක ram එකේ තියෙනවා කියලා sure එකටම දැනගෙන හිටියත් ඒක හරියටම කොහේද තියෙන්නෙ කියලා අපි දන්නැති නිසා ඒ data එක අපිට ආපහු use කරන්න බැරි වෙනවා. ඉතිං එහෙම use කරන්න බැරි වෙනවා නම් data එකක් save කරලා තියා ගන්න එකෙන් වැඩක් නැති වෙන නිසා තමයි ගෙදරකට address එකක් දුන්නොත් ඒ ගෙදර හොයා ගන්න පුළුවන් නිසා එහෙම address එකක් දීලා තියෙනවා වගේ අපේ variable වලටත් නමක් දීලා තියෙන්නෙ. මතක තියාගන්න මේ නම විදියට අපිට කැමති දෙයක් දෙන්න පුළුවන්..
දැන් variable එකක් හදද්දි නමක් දෙන්නම ඕන හේතුව නම් තේරෙනවා. හැබැයි data type එකක් කියලා එකක් නොතිබුනත් data එක හොයා ගන්න බැරිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ විදියට data type එක දෙන්න හේතුව මොකක්ද? මුලින්ම බලමු data type එකක් කියන්නෙ මොකක්ද කියලා. ඇත්තටම data type එකක් කියන්නෙ කිසියම් variable එකක් සලකද්දි ඒ variable එක, ඒ කියන්නෙ ram එකේ වෙන් කරගත්ත memory space එක ඇතුලෙ store කරන data එක මොන වර්ගයේද කියලා දැන ගන්න තියෙන මිනුමක් වගේ දෙයක්. (දැනට අපි integer data type එක විතරක් සලකමු. ඒක represent කරන්නෙ int කියලා)
ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි එහෙම store කරන data එකේ වර්ගෙ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කියලා. ඇත්තටම කට්ටියට මතක ඇතිනෙ අපිට තේරෙන භාෂාවෙන් ලියන program එක computer එකට තේරෙන භාෂාවට හරවන compiler අපි ලියන program එකේ වැරදි තියේද කියලා බලලා එහෙම වැරැද්දක් නැත්නම්නෙ compile කරන්නෙ. ඉතින් ටිකක් හිතලා බැලුවොතින් එයා run කරන්නෙ නැතුව, ඒ කියන්නෙ ඇත්තටම ram එකේ variable එකක් හදලා ඒකට data දාන්නෙ නැතුව වැරදි තියේද කියලා බලන්න මොකක් හරි ක්‍රමයක් use කරනවා නේද? compiler data type එක use කරන්නෙ අන්න ඒ දේ කරන්න තමයි. අපි variable එකක් හදන කොට දෙන data type එක ඒ නමට අදාළව compiler මතක තියාගන්නවා. එතකොට අපි ඒ variable එකට data එකක් දාන්න හදන කොට හරි ගන්න හදන කොට හරි ඒ දේ practically කරන්න පුළුවන්ද කියලා compiler බලලා තමයි අපේ program එක compile කරන එක හරි error එකක් දෙන එක හරි කරන්නෙ.
උදාහරණයක් විදියට මම ගන්නම් x කියලා නම් කරපු ඉලක්කම් තියාගන්න පුළුවන් variable එකක්. මම දැන් ඒකට මගේ program එකේදි වචනයක් store කරන්න යනවා. එතකොට compiler බලනවා x ගෙ data type එක මොකක්ද කියලා ඇත්තටම x කියන්නෙ ඉලක්කම් දාන්න හදපු variable එකක් නිසා එයා තීරණය කරනවා අපි කරන්න හදපු වැඩේ වැරදියි, ඒක computer එකට කරන්න බෑ. ඒක නිසා මම error එකක් දෙන්න ඕනෙ කියලා. අන්න ඒ හේතුව නිසා තමයි data type එකක් ගොඩක් වැදගත් වෙන්නෙ..
දැන් අපි බලමු කොහොමද variable එකකට data එකක් දාන්නෙ කියලා |

int x;

x= 5;

රූපේ පෙන්නලා තියෙන විදියට මුලින්ම x කියන නමින් integer data type එකේ variable එකක් හදලා තියෙනවා. පස්සෙ ඒ x කියන variable එකට 5 assign කරන්න කියලා කියලා තියෙනවා. ඇත්තටම අපිට එහෙම variable එකකට data එකක් දාන්න ඕනනම් කරන්න තියෙන්නෙ මුලින්ම ඒ variable එකේ නම දීලා ඒකට ඉස්සරහින් සමාන ලකුණක් ( = ) දාලා variable එක හදපු data type එකේම data එකක් දීලා statement එක ඉවර වුන බව පෙන්වන්න “;”(semicolon) එකක් දෙන්න විතරයි.
මෙතනදි විශේෂයෙන්ම මතක තියාගන්න තියෙන්නෙ programming වලදි තනි = ලකුණක් තිබුනොත් ඒකෙ තේරුම maths වලදි වගේ සමාන ලකුණට දකුණු පසින් තියෙන දේ සමාන ලකුණට වම් පසින් තියෙන දේට සමානයි කියන එක නෙවෙයි, සමාන ලකුණට දකුණු පසින් තියෙන data එක සමාන ලකුණට වම් පසින් දීලා තියෙන නමට අදාළ variable එක ඇතුළට දාන්න කියන එකයි. සරලව කිව්වොත් තනි = ලකුණෙන් කියවෙන්නෙ දකුණෙ තියෙන එක වමට දාන්න කියන එකයි.. මෙන්න මේ පොඩි දේ අමතක කරලා ගොඩක් අය programs වරද්ද ගන්නවා. ඒක නිසා ඔන්න අමතක කරන්න එපා…
ඔන්න එහෙනම් මට තේරෙන විදියට ඕනම programming language එකකට පොදු variable කියන එක ගැන පුළුවන් උපරිමෙන්ම ඔයාලටත් ලබා දුන්නා.. හැමදාම කියනවා වගේ කිසියම් ගැටළුවක් හරි අදහසක් හරි තියෙනවානම් comment එකක් විදියට දාන්න පුළුවන් කියලා මතක් කරමින් මම එහෙනම් අදට සමු ගන්නම්.. ඉක්මනටම ඊළඟ කොටසත් එක්ක හමුවෙමු එහෙනම්..
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s